ජාතික ධජය අතින් ගත් සොඳුරු දිරි ගන්වන්නා ජීවන ඉනිමට සමු දෙයි!

310

දශක හතරකට අධික කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරි ගන්වමින් ලොව පුරා ක්‍රිකට් ලෝලීන් අතර “පර්සි අන්කල්” ලෙසින් විරුදාවලි ලැබ ගෞරවාදරයට පාත්‍රව සිටි පර්සි අබේසේකර මහතා සිය ජීවන ඉනිම ඊයේ (30වැනිදා) නිමා කරමින් අප අතරින් සමුගෙන ගිය බව “දිවයින ක්‍රීඩා පිටුව ” පාඨක ඔබ සැමට සංවේගයෙන් දැනුම් දැනුම් දෙයි.

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දී 1979 වසරේ පැවැති ලෝක කුසලාන තරඟාවලියේ සිට සිය දෑතට ගත් ජාතික ධජය සමග ලොව වටා යමින් ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගැන්වීමේ යෙදුණු ඒ සොඳුරු මිනිසා ගතේ සවිය ඇතිතාක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සෙවණැල්ල සේ රැඳුණේය.

රට වෙනුවෙන් ජයකොඩි නැංවූ ඒ මහතා ඊයේ සිය දෙනෙත් පියා ගන්නා විට ජීවන ගමනේ 87 වන කඩුල්ල පසු කර තිබුණි.

පසුගිය කාලයේ රෝගාතුරව සිටි අබේසේකර මහතා රාගම රෝහලේදී අභාවප්‍රාප්ත වූ අතර දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිත බව පවුලේ ආරංචිමාර්ග සඳහන් කරයි.

1936 වර්ෂයේ ජූලි මස 30 වැනිදා ගාල්ල බූස්ස හිදී උපත ලද ඒ මහතා දරුවන් දෙදෙනකුගේ පියෙකි.

ශ්‍රී ලංකාවේ පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ද පසුගියදා පර්සි අබේසේකර මහතාගේ සුවදුක් බැලීමට ඔහුගේ නිවසට ගොස් තිබුණි.

එසේම සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පර්සි අබේසේකර මහතාට උපහාර පුදමින් රුපියල් මිලියන 5 ක් පිරිනැමීමට කටයුතු කළේය.

පර්සිගේ විශිෂ්ටත්වය කෙසේද යත් වරෙක තමාට හිමි වූ තරගයේ වීරයා සම්මාන දෙකම පර්සි වෙත පිරිනැමීමට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මාටින් ක්‍රෝ කටයුතු කර තිබුණි.

ජාතික ධජය අතින් ගත් සොඳුරු දිරි ගන්වන්නා ජීවන ඉනිමට සමු දෙයි!
advertistmentadvertistment
advertistmentadvertistment