බාල බව තහවුරු වෙයි: කොඇමොක්සික්ලෙව් ප්‍රතිජීවකයේ කාණ්ඩ තුනක් ඉවතට

167

මෙරට නිෂ්පාදිත ‘කොඇමොක්සික්ලෙව්’ ප්‍රතිජීවක ඖෂධයේ තවත් කාණ්ඩ තුනකට අයත් ඖෂධ තත්ත්වයෙන් බාල බව තහවුරු වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය සියලු රෝහල්වලට දැනුම්දී ඇත.

කොඇමොක්සික්ලෙව් ඖෂධය ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතුළු බැක්ටීරියා රෝග සඳහා මෙරට රෝහල් පද්ධතිය තුළ බහුලව භාවිත කරනු ලබන අතර වැඩි වශයෙන් ළමා රෝග ආසාදනවලදී පළමු පෙළ ඖෂධයන් ලෙස මේ වනවිට භාවිතයේ පවතී.

කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි සමාගමක් මගින් නිෂ්පාදනය කරනු ලබන මෙම ප්‍රතිජීවක ඖෂධය තත්ත්වයෙන් කාණ්ඩ කීපයක් බාල බව තහවුරු වීම නිසා මීට පෙරද භාවිතයෙන් ඉවත් කර තිබූ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අදාළ ඖෂධය සම්බන්ධව පර්යේෂණ වාර්තාවක් මෙරටින් ඉල්ලා ඇතත් එය මේ දක්වා ලබාදී නොමැති බවද වාර්තා වේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment