ලක්‍ෂ පහක අඩු මූල්‍ය ආරවුල් ලිහන්න විශේෂ සමථ මණ්ඩල

114

ව්‍යාපාර ගනුදෙනු නිසා ඇති වන මූල්‍ය ආරවුල් නිරාකරණය කිරීම සඳහා විශේෂ සමථ මණ්ඩල පිහිටුවීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

කොළඹ, ගම්පහ, මහනුවර, මොනරාගල, පොළොන්නරුව හා ආනුරාධපුර යන දිස්ත්‍රික්කවල මෙම විශේෂ සමථ මණ්ඩල ස්ථාපනය කිරීමට තීරණය කර ඇත.

විවිධ ආයතන අතර පවතින ආරවුල් මෙන්ම පුද්ගලයන් හා ආයතන අතර සිදුවූ ව්‍යාපාර ගනුදෙනු නිසා ඇතිවන මූල්‍ය ආරවුල් ද මෙම විශේෂ සමථ මණ්ඩලය හරහා විභාග කෙරෙන අතර රුපියල් ලක්‍ෂ පහකට වඩා අඩු වටිනාකමකින් යුත් මූල්‍ය ගනුදෙනු හරහා පැන නැගෙන ආරවුල් පමණක් නිරවුල් කිරීමේ බලය මෙම විශේෂ සමථ මණ්ඩලයට හිමිවේ.

මෙම සමථ කාරවරයන්ගේ මූල මණ්ඩලයක සාමාජිකයකු ලෙස පත්වීමට අදාළ සුදුසුකම් දක්වා 2314/80 දරන අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. ඒ අනුව අඛණ්ඩව වසර පහක කාලයක් මාණ්ඩලික නිලධාරි මට්ටමේ නිලතල දරන හෝ දැරූ වයස අවුරුදු 35ත් 70ත් අතර නිලධාරියකු විය යුතුය.

පුද්ගලික අංශයේ රාජ්‍ය නොවන සංවිධානයක/බැංකුවක හෝ සංස්ථාවක ජ්‍යෙෂ්ඨ කළමනාකාර තනතුරක් දැරූ තැනැත්තෙකුට ද මේ සඳහා ඉල්ලුම් කළ හැක.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment