දරුවන්ගේ කුසගින්න දරාගන්නට නොහැකිව විෂ ඇට කෑ මවට අසාධ්‍යයි

729

කිසිම ආහාරයක් සපයා ගැනීමට නොහැකිව අසීමිත කුසගින්නට තම දරුවන් දින 3ක් ඇල් ජලය පමණක් පානය කිරීම ඉවසාගත නොහැකිව සිය දිවිතොර කර ගැනීමේ අභිලාෂයෙන් මාරාන්තික විෂ අඩංගු කනේරු ඇට කෑ තරුණ මවක් දැනට අසාධ්‍ය තත්ත්වයෙන් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අසාධ්‍ය තත්ත්වයෙන් පසු වුවත් ඇයගේ ජීවිතය රැකදීමේ හැකියාව ඇතැයි පැවසූ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛi පාලිත රාජපක්‍ෂ මහතා දරුවන් වෙනුවෙන් එම පවුලට ආහාර ද්‍රව්‍ය ටිකක් සපයාදීම ඉතා අත්‍යවශ්‍ය කාර්යයක් වී ඇතැයි කීය.

වැල්ලවාය ග්‍රාමීය ප්‍රදේශයක ජීවත්වන එම පවුලේ 44 හැවිරිදි පියාට සහ මෙකී මවට වයස අවුරුදු නවය” අට සහ හතර යන වයස්වල දියණියෝ තිදෙනෙක් සිටිති.

මෙම පියාට සහ මවට ස්ථිර රැකියාවක් හෝ ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති තත්ත්වය මත පසුගිය දිනවල කෑමට යමක් සොයාගැනීමට අසීරු වී ඇත.

මෙම පවුලට උදව් උපකාර කිරීමට කෙනෙකු ඉදිරිපත් වන්නේ නම් පියාගේ දුරකථන අංකය 076-1040036 ට අමතා සම්බන්ධ විය හැකිය.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment