කොණ්ඩා මෝස්තරය නිසා ගුරුවරයාගෙන් පහර කෑ සිසුවා රෝහලේ

238

යාපනය චාවාකච්චේරී හින්දු විද්‍යාලයේ සිසුවෙකුට ගුරුවරයෙකු විසින් අමානුෂීය අන්දමට පහර දීම නිසා බරපතළ ලෙස තුවාල ලබා ඇති එම ශිෂ්‍යයාව පාසල් නිල ඇඳුම පිටින්ම 19 දා චාවාකච්චේරී මූලික රෝහලට ඇතුළත් කොට තිබේ.

කොණ්ඩය කැපීමේ සිද්ධියක් මත ගුරුවරයා විසින් එම ශිෂ්‍යයාට අමානුෂීය ලෙස පහර දී ඇති අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් චාවාකච්චේරී පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා අංශයට ද සිසුවාගේ දෙමවුපියන් විසින් පැමිණිලි කොට තිබේ.

මේ සම්බන්ධයෙන් දෙමවුපියන් පාසලේ විදුහල්පතිවරයාට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේදී ඔහු පහර දුන් ගුරුවරයාගේ පැත්ත ගෙන සිසුවාට කිසිදු සාධාරණයක් ඉටු නොකළ බව දෙමවුපියන් පොලිසියට ද ප්‍රකාශ කොට ඇත.

චාවාකච්චේරී පොලිසිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා අංශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment