විදේශ විනිමය එන්නේ නෑ. රට ආර්ථික අර්බූදයක – ශ‍්‍රී ලංකාව බංකොලොත් බව ෆිච් රේටින් කියන්නේ ඒ නිසයි

180

– එජාප නි’ නායක රුවන් විජයවර්ධන

ශ‍්‍රී ලංකාව බංකොලොත් වන රටක් බවට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ලොව ප‍්‍රමුඛ ආයතනයක් වන ‘ෆිච් රේටින්ග්ස්’ ආයතනය පවසන දේ බොරු යැයි කීමට ආණ්ඩුව දැඩි උත්සාහයක නිරත වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පෙරේදා (18 දා) පැවසීය’

රටේ දැනට පවතින විදේශ සංචිත ගත්විට ලබන ජනවාරි 18 තීරණාත්මක බවද එදිනට ඩොලර් බිලියන 500 ක ණයක් ගෙවීමට තිබෙන බව ද බදුල්ල දිස්ත‍්‍රික්කයේ එජාප ක‍්‍රියාකාරීන් ෂූම් තාක්ෂණයෙන් දැනුවත් කිරීමේ හමුවකට පෙරේදා (18 දා* එක්වෙමින් ඒ මහතා කීය’

ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය’

රට ආර්ථික අර්බුදයකට ගමන් කරමින් සිටිනවා’ රටේ විදේශ සංචිත ප‍්‍රමාණය ඩොලර් බිලියන 1’5 දක්වා අඩුවෙලා’ එයින් ඩොලර් බිලියන 500ක් ලබන ජනවාරි 18 වැනිදා ණය වශයෙන් ගෙවන්න වෙලා තිබෙනවා’ ඉන්ධන ගේන්න ඕනෑ’ බේත් හේත් ගේන්න ඕනෑ’ තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වන්න තිබෙනවා’ ඒ සියල්ලටම මුදල් වැය කළ පසු ණය ගෙවන්න මුදල් නැතිවෙයි’

ලංකාව බංකොලොත් බව ෆිච් රේටින්ග්ස් ආයතනය කියා තියෙන්නෙ මේ නිසා තමයි’ ලංකාවට විදේශ ණය ගෙවන්න බැරි තත්ත්වයක් උදාවෙලා කියලා’ ඔවුන් කියන්නෙ ඒකයි’ අනෙක රටට විදේශ විනිමය පැමිණෙන බවක් පේන්න නැතැයි ඔවුන් කියා තිබෙනවා’ අපට ලබන ජූලි මාසය වනවිට තවත් ඩොලර් බිලියන හයක ණයක් ගෙවන්න තියෙනවා’ මේ සියලූ ප‍්‍රශ්න නිසා තමයි අපි මුලින්ම කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා’ අපේ නායකතුමා දිගින් දිගටම මේක කිව්වෙ ඒකයි’ හැබැයි ආණ්ඩුව එය ක‍්‍රියාත්මක කරන්න කැමැති නැහැ’

ලංකාවේ ඩොලර් සංචිත අඩුවුණේ කොවිඞ් 19 වසංගතය නිසා නොවෙයි’ ආණ්ඩුව කෝටිපතියන්ට බදු සහන දුන්නා’ දුප්පත් මිනිසුන්ට සහන දුන්නේ නැහැ’ බදු ගැහුවා’ රටේ ඩොලර් සංචිත අඩුවෙන්න ගත්ත පළමු අවස්ථාව මෙයයි’ ලංකාවට ණය ගෙවන්න බැරි බව දැන ගත්තම කිසිම රටක් ණය දෙන්නෙ නැහැ’ ඒ වගේම ආයෝජන ව්‍යාපෘතියකට ආයෝජකයන් මුදල් අරගෙන එන්නෙ නැහැ’ මෙය රට පස්සට යන වැඩක්’

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment