සියලු ග්‍රහලෝක එකට පෙනෙයි

206

මේ දිනවල අහසේ සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහලෝක එක් රැයක් තුළ දැක බලා ගැනීමට අවස්ථාව උදාවී ඇති බව නවීන තාක්‍ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ මහතා සඳහන් කරයි.

ඒ අනුව බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු පියවී ඇසින් දැක ගැනීමට හැකි බවත් යුරේනස්, නෙප්චූන් යන ග්‍රහලෝක දුරේක්‍ෂයකින් නිරීක්‍ෂණය කර දැක බලාගැනීමට හැකි බවත් හෙතෙම සඳහන් කර සිටියි.

සුර්යා බටහිර අහසින් බැස ගිය පසු සවස 6.00 සිට රාත්‍රි 9.00 පමණ වන තෙක් බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු දැක ගත හැකි වන අතර යුරේනස් හා නෙප්චූන් ග්‍රහලෝක දුරේක්‍ෂයකින් සවස 6.30 සිට රාත්‍රි 8.00 දක්වා දැක ගැනීමට හැකියාව පවතියි. චන්ද්‍රයා අලුයම 3.00 තෙක් නිරීක්‍ෂණය කිරීමට හැකියාව ලැබෙන බව ආතර්සී ක්ලාක් ආයතනය සඳහන් කරයි.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment