ආණ්ඩුව රිම් එකෙන්

131

අත්‍යවශ්‍ය වියදම්වත් පියවා ගැනීමට තරම් මුදල් මහා භාණ්ඩාගාරය සතුව නොමැති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

මේ නිසා රටේ ඉදිරි වියදම් පියවා ගන්නේ කෙසේද යන්න විසඳුම් සෙවිය යුතු ගැටලුවක් බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

වර්තමානයේ රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ පවත්නා ගැටලු සඳහා සියලු අංශ කෙරෙහි අවධානය යොමු කරමින් සාර්ව වශයෙන් විසඳුම් සෙවීම කළ යුතු බවද රාජ්‍ය ඇමැතිවරයා කීවේ ය.

දේශීය බැංකු ද මේ වනවිට අධික ද්‍රවශීලතා අර්බුදයකට මුහුණ දී ඇති බැවින් රාජ්‍ය බැංකු දෙකෙන් මහා භාණ්ඩාගාරයට ලබාගත හැකි බැංකු අයිරා පහසුකම ද රු. බිලියන 70 දක්වා සීමා වී ඇත.

වර්තමානයේ රට මුහුණ දෙන විදේශ විනිමය අර්බුදය හේතුවෙන් දේශීයව ලබාගෙන ඇති ඇමරිකානු ඩොලර් මිලියන 131ක් වන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවලින් ගත් ණය හා දේශීය බැංකුවලින් ලබාගෙන ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 311ක් වන විදේශ විනිමය බැංකු ඒකක වලින් ගත් ණය ද 2022 දෙසැම්බර් 31 දින වනවිට ආපසු ගෙවීමට නොහැකි වී ඇති බවද මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා රටේ වර්තමාන ආර්ථික තත්ත්වය හා එහි ඇති අභියෝග ගැන පැහැදිලි කරමින් මේ බව කීවේ ය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment