සජබ තරුණ බලවේග සභාපති ධුරයෙන් මයන්ත අස්වෙයි

136

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා එම පක්ෂයේ සමගි තරුණ බලවේගය සභාපති ධුරයෙන් ඊයේ (21) සිට ඉවත් වී ඇත.

ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය මන්ත්‍රීවරයා විසින් සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත යවා තිබේ.

කෙසේ වෙතත් තමන් පක්ෂයේ තවදුරටත් සිටින බවත් පක්ෂය හැර නොයන බවත් ඒ මහතා ‘දිවයින’ට ඊයේ දහවල් කියා සිටියේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment