වඳ වීගෙන යන ප‍්‍රංශයේ දුඹුරු වලසෙක් දඩයක්කරුවකු අතින් මරුට

334

තමන්ව දරුණු ලෙස සපා කෑ දුර්ලභ ඝණයේ දුඹුරු වලසෙකු වෙඩි තබා මරා දැමීමට 70 හැවිරිදි වියෙහි පසු වූ ප‍්‍රංශ දඩයක්කාරයෙකු විසින් පියවර ගෙන තිබේ. දඩයක්කරු විසින් සිය පැටවුන් සමග ගමන් කරමින් සිටි දුඹුරු වලසුන් ඝණයට අයත් වන වැලහින්නක් නිරිත දිග ප‍්‍රංශ නගරයක් වන ‘ටවුලොස්’ හිදී මෙසේ රයිෆලයකින් වෙඩි තබා මරා දමා තිබේ.

 ප‍්‍රංශයේ වඳ වීගෙන යන සත්ත්ව විශේෂයක් වන මෙම දුඹුරු වලස් ඝනයට අයත් වැලහින්න මෙසේ දඩයක්කරු විසින් වෙඩි තබා මරා දමා ඇත්තේ ඔහු විසින් වල් ඌරෙකු දඩයම් කිරීමට සැරසෙද්දී එම වැලහින්න විසින් ඔහුව කිහිපවරක් සපා කෑම හේතුවෙනි. එම සපා කෑමෙන් දරුණු ලෙස තුවාල ලැබූ දඩයක්කරු ‘ටවුලොස්’ නගරයේ රෝහලකට ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ. 1990 දශකයේ ප‍්‍රංශය තුළ මෙම දුඹුරු වලසුන් ශීඝ‍්‍රයෙන් වඳ වී යෑම හේතුවෙන් ඔවුන්ව නැවත එරට බෝ කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබිණි.

 පසුගිය වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ ඇවිලූණු වර්ගවාදී ගැටුම්වලදී පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා මරා දැමීමේ චෝදනාවට ලක්ව අත්අඩංගුවට පත් වූ 18 හැවිරිදි වියෙහි පසු වූ යෞවනයෙකු ඔහුට එරෙහිව තිබූ සියලූ චෝදනාවලින් නිදහස් කිරීමට අධිකරණය මගින් පියවර ගෙන තිබේ. අධිකරණ තීන්දුව ප‍්‍රකාශයට පත් වීමෙන් පසු ඇමරිකාවේ නගර කිහිපයකම මෙම තීන්දුවට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කර තිබේ.

 සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment