පිහියකින් ඇන පුද්ගලයකු මැරූ අය පෝරකයට

68

වසර පහළොවකට පෙර ඉහතදී පිහියකින් ඇන පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ අයකුට බළපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා විසින් පෙරේදා (27දා) වැනිදා මරණ දඬුවම නියම කරන ලදී.

මෙසේ මරණ දඬුවම නියම වූයේ අම්බලන්ගොඩ මාදම්පේ සුදුවැලිකඩ පදිංචි ව සිටි පොල්ගේ ඉන්ද්‍රසේන නමැති පුද්ගලයකුටය.

2008.11.12 දින පෙරවරුවේ දී අම්බලන්ගොඩ දේවගොඩ මාදම්පේ පදිංචිව සිටි පේදුරු මොරිඤ්ඥ රොබින්සන් නමැති අය මහ මග පුද්ගලයකු සමග කතා කරමින් සිටියදී විත්තිකරු පසුපසින් පැමිණ පිහියෙන් ඇන පලා ගොස් තිබේ.

විත්තිකරු ඒ මොහොතේ බීමත්ව සිටි ඇති අතර පිහි පහරවල් කිහිපයක් ඇනීම නිසා රොබින්සන් නමැති අය එම ස්ථානයේම මිය ගොස් තිබිණි. අම්බලන්ගොඩ පොලිසිය නඩුව ගොනු කර තිබිණි.

බළපිටිය – අනුර යසමිත්

advertistmentadvertistment
advertistmentadvertistment