සෞඛ්‍ය ක්‍ෂේත්‍රයෙන් මත් උවදුර තුරන් කිරීමට සංවිධානයක් හදනවා – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

257

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පවතින මත් උවදුර නැති කිරීම සඳහා මහ සංඝරත්නයේද ආශිර්වාද මැද අද හෙටම සංවිධානයක් ගොඩනඟන බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

ජාතික රෝහල තුළ කනිෂ්ඨ සේවකයන් සුළු පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට තමා කළ හෙළිදරව්වෙන් පසු තමාට එරෙහිව නැගීසිටියේ ආණ්ඩුවට සම්බන්ධ නැති අරගලයේ ඉදිරියෙන්ම සිටි පක්ෂ දෙකක සහ තවත් පක්ෂයක පිරිස් බව ද ඒ මහතා පැවසීය.

තමාට එරෙහිව විරෝධතාව ගෙන ගිය පිරිස් අතර 11,000 ක් සිටින රෝහලේ කාර්ය මණ්ඩලයෙන් සහ 3300 ක් වූ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයෙන් 150 කට අඩු පිරිසක් සහභාගිව සිටි බව ද බෙල්ලන මහතා කීය. එම කිහිප දෙනා එම පක්ෂවලට අයත් අවට රෝහල්වල සේවකයන් සහ වනාත, දෙමටගොඩ ප්‍රදේශවල පුද්ගලයන් ද ගෙන්වා විරෝධතාවට එක්කරගෙන සිටි බව පැවසීය.

මේ වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් තිදෙනෙකුගෙන් සමන්විත පිරිසක් හා පොලිස් විමර්ශනයක් පවත්වන බවත් එහි ප්‍රතිඵල ඉදිරියේදී දැකගත හැකිවනු ඇති බවත් බෙල්ලන මහතා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment