නෙරංජනී ෂන්මුගරාජා රඟන සොප්පන සුන්දරී අද ලංකාවට…

258

‘සොප්පන සුන්දරී’ දමිළ සිනමා නිර්මාණය සිංහල උප සිරැසි සහිතව අද (25 වැනිදා) සිට ලංකාවේ සැවෝයි වැල්ලවත්ත, කොන්කෝර්ඩ් දෙහිවල, රීගල් සිනමා දෙමටගොඩ, රීගල් ජැෆ්නා, නෙල්සන් ත්‍රිකුණාමලය, ජී. කේ. සිනමා කල්මුණේ, අමුත්ත සිනමා වවුනියාව ඇතුළු 01 වැනිදා සිට වන්ගෝල්ෆේස් හි පිහිටි පීවීආර් සිනමා සංකීර්ණයේදී ද තිරගත කෙරේ.

නෙරංජනී ෂන්මුගරාජා රඟන සොප්පන සුන්දරී අද ලංකාවට…

මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ කජානන් කයිලානන්දන්. මාධවන් මහේෂ්වරන්ගේ අධ්‍යක්ෂණයක් වන සොප්පන සුන්දරී සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් ජොයෙල් ක්‍රිෂාන්ත්. ජීවානන්දන්ගේ සංගීතයෙන් හැඩවෙන මෙම චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණයෙන් දායකවන්නේ චමල්. වර්ණ සංයෝජනයෙන් දිනිදු ජාගොඩ සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි මෙහි රංගන දායකත්වය සපයන්නේත් ලංකාවේම තරුණ තරුණියන්. විශේෂයෙන්ම නෙරංජනී ෂන්මුගරාජා මෙහි ප්‍රධාන චරිතයක් රඟදක්වනවා. ඊට අමතරව කජානන් කයිලනාතන්, ජොයෙල් ක්‍රිශ්, නරේෂ් නාගේන්ද්‍රන්, මාධවන් මහේෂ්වරන්, තනූෂන් චෙල්වනාතන්, වරූන් තුෂාන්තන්, ජෙනෝෂාන් ජෙයරත්නම්, රවී, පෙයාර්ලිජා ජෙයරාජන් ප්‍රධාන චරිත රංගනයෙන් දායක වේ.

2017 වසරේ නිෂ්පාදන කටයුතු ආරම්භ කළ මෙම සිනමා නිර්මාණය වසර හයක් පුරාවට නිෂ්පාදන කටයුතු සිදුකර තිබේ. චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදන කටයුතු වෙනුවෙන් පමණක් මේ වනවිට රුපියල් මිලියන හතර හමාරක් පමණ වියදම් කර තිබේ. චිත්‍රපටය සිංහල උපසිරැසි යොදා තිබෙන බැවින් සිංහල ප්‍රේක්ෂකයින්ටත් සොප්පන සුන්දරී කිසිම බාධාවකින් තොරව රසවිඳීමට හැකිය.

● අමිල නුවන් මධුසංඛ

advertistmentadvertistment
advertistmentadvertistment