ළමා අපචාර චෝදනා ඇති මිස්ටර් මැජික්ට එරෙහි නඩු 7ක්

923

විභාගය මාර්තු සහ මැයි

ලාබාල පාසල් සිසුන් රැසකට මැජික් ශිල්පය නොමිලේ කියාදී ඔවුන් දිවයිනේ ප‍්‍රධාන මැජික් ශිල්පීන් ලෙස පත්කරන බවට සිසුන්ට ඒත්තු ගන්වා මුලාකර එම සිසුන් තම නිවසට කැඳවා ඔවුන් ලිංගික අපචාරයන්ට සංවිධානාත්මකව ලක් කළ බවට චෝදනා එල්ලවී ඇති මීගමුවේ ‘මිස්ටර් මැජික්’ නමැති ප‍්‍රකට මැජික් ශිල්පියාට සහ ඒ සඳහා ඔහුට සහයදුන් බව කියන ගෝලයන් දෙදෙනාට එරෙහිව මහාධිකරණය හමුවේ පවරා ඇති නඩු හත 2022 මාර්තු මස 31 දා සහ මැයි මස 23 දා විභාගයට ගැනීමට මීගමුව මහාධිකරණ විනිසුරු ආර්. ඞී. පී. පී. රත්නායක මහතා නියෝග කළේය.

ලාබාල පිරිමි සිසුන් සංවිධානාත්මකව ලිංගික අපචාරයන්ට ලක් කිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබූ විත්තිකරුවන් වූයේ මීගමුව තිඹිරිගස්කටුව පේ‍්‍රමචන්ද්‍ර වත්තේ පදිංචි විවාහක මැජික් ශිල්පියකු වන එච්. එම්. ලක්රුවන් සුජීව නොහොත් මිස්ටර් මැජික් (53) සහ ඔහුට අපචාර කි‍්‍රයාවන්ට සහයදුන් බව කියන මුළුතැන්ගෙයි සහයකයකු වූ (කිචන් හෙල්පර්) ජේ. ඞී. සුරංග නදීශ කුමාර (43) සහ ඉඳුරුව සැකලව පදිංචි එම්. ඒ. හරේන්ද්‍ර කුමාර (43) නමැත්තන්ය. රජයේ අධිනීතිඥ රන්දිමා ප‍්‍රනාන්දු මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය. විත්තිය වෙනුවෙන් නීතිඥවරුන් පිරිසක් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය කල් තැබිණි.

මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment