සිසුන්ගේ ආරවුලෙන් උරණ වූ පියෙක් එක් දරුවකුගේ කකුල කපලා

65

සිසුන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක් නිවසට සැලවීමෙන් පසු එයට උරණ වූ එක් සිසුවකුගේ පියකු අනෙක් සිසුවාගේ පාදයක් පිහියකින් පසුගිය (29දා) කැපීමෙන් පසු බිබිල මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ රෝහලේ ප්‍රතිකාර ලබන බව බිබිල පොලිසිය සඳහන් කළේය.

මෙලෙස ප්‍රතිකාර ලබනුයේ බිබිල දොඩම්ගොල්ල විදුහලේ 13 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.

අනතුර සිදුකළ බිබිල, නාගල ,අඹගහකිවුල, වන්නිආරච්චිලාගේ විජේතිලක බණ්ඩා යන සැකකරු අත්අඩංගුවට ගෙන බිබිල මහෙස්ත්‍රාත් අධිකරණයට මාර්තු 31වැනි දින ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව ද පොලිසිය සඳහන් කළේය.

පිහි පහරට පාදය කැපී ශල්‍යකර්මයක් සිදුකළ සිසුවාගේ තත්ත්වය බරපතළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසූරිය, කොට්ඨාස භාර පොලිස් අධිකාරි එස් .පී.කේ.ගාල්ලගේ, බිබිල පොලිස් ස්ථානාධිපති එස් . පී. සී .එස් .කේ.සෙනරත් යන අයගේ උපදෙස් මත නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

බිබිල -ජේ.රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment