යාපනේ යළි පදිංචි කරවීමට සූදානම් කර තිබූ නිවාස 7කට සුද්දයක්

79

යාපනයේ වලිකාමම් ප්‍රදේශයේ ජනතාව යළි පදිංචි කරවීමට සූදානම් වූ නිවාස හතක බඩුබාහිරාදිය රැසක් කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් පසුගිය 31 දා හොරකම් කොට තිබේ.

යුද හමුදාව විසින් අත්පත් කරගෙන තිබූ එම ඉඩම් අක්කර 100ක පමණ ප්‍රමාණය ජනතාව යළි පදිංචි කරවීම සඳහා ජනාධිපතිවරයාගේ නියමයකට අනුව පසුගිය මාසයේදී ආපසු භාර දී තිබූ අතර එම නිවාස වල තිබූ ජනෙල් උළුවහු කම්බි කූරු කොන්ක්‍රීට් ප්ලේට් ඉබි යතුරු විදුලි උපකරණ ඇතුළු බොහෝ දේ කොල්ලකරුවන් විසින් කොල්ල කා තිබේ.

යුද හමුදාව විසින් ඉදි කරන ලද ගොඩනැඟිලි රැසක් ද ඉඩම් ආපසු භාර දෙන ලද අවස්ථාවේදී නොකඩා ජනතවගේ ප්‍රයෝජනය සඳහා ලබා දී තිබූ අතර එම ගොඩනැඟිලිවල භාණ්ඩ ද හොරුන් විසින් ගලවා ගෙන ගොස් තිබේ.

යුද හමුදාව විසින් එම ඉඩම් භාර දීමෙන් පසුව යාපනය වලිකාමම් ප්‍රාදේශීය ලේකම්වරයා භාරයේ එම ඉඩම් තිබී ඇති අතර ඉඩම්වලට ආරක්ෂාවක් යොදා නොතිබීම නිසා මංකොල්ලකරුවන් එක් රැයක් තුළ නිවාසවල තිබූ භාණ්ඩ කොල්ල කා තිබේ.

මේ පිළිබදව තෙලිප්පලෙයි පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment