මූලධර්මවාදීන් ආදිවාසීන්ටත් දැල එළලා – වන්නිලෑ ඇත්තෝ

751

ආදිවාසි ජනතාව මූලධර්මවාදීන්ගේ ආගමට නැඹුරු කර ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බව ආදිවාසි නායක ඌරුවරිගෙලෑ වන්නිලෑ ඇත්තෝ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසූහ.

මූලධර්මවාදීන් විසින් ආදිවාසී ගම්මානවලට ගොස් එම පවුල්හි දුක සැප විමසා ඔවුනට ආධාර කිරීමට පටන් ගෙන ඇතැයි ද සඳහන් කළ වන්නිලෑ ඇත්තෝ මෙය ඉකුත් කොරෝනා වසංගත සමයේ සිට ආරම්භ වී ඇතැයි ද ප්‍රකාශ කළහ. ඉකුත් 09 වැනිදා දඹානේ දී පැවැති ආදිවාසී දිනය සැමරීම සඳහා පැමිණි පොල්ලේ බැද්ද, වාකරේ, ත්‍රිකුණාමලය, මොනරාගල, හේනානිගල, දළුපාත යන ගම්මානවල ප්‍රාදේශීය ආදිවාසි නායකයින් මෙම ගැටලුව සම්බන්ධයෙන් වන්නිලෑඇත්තන් සමග සාකච්ඡා කර ඇත. එහිදී වන්නිලෑඇත්තන් ප්‍රාදේශීය ආදිවාසි නායකයින්ට උපදෙස් දී ඇත්තේ මෙම මූලධර්මවාදීන්ට මුලා නොවන ලෙසය. මේ සම්බන්ධව රජයට ද දැනුම් දුන් බව වන්නිලෑ ඇත්තෝ කිහ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment