බූරුවා ගැසීමට ඇබ්බැහි වූ පියා බාලවයස්කාර දියණිය පොලී මුදලාලිට විකුණලා – වසරකට පෙර මාමාත් අතවර කරලා

475

බූරුවා ගැසීමට ඇබ්බැහිවූ පියකු පාසල් සිසුවියක වූ තම 16 හැවිරිදි වැඩිමහල් දියණිය මුදල් පොලී කරුවෙකුට විකුණා ඇතැයි අගලවත්ත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි.

පොලීකරුවා රහසේ සිසුවියට ලබා දී තිබූ ජංගම දුරකථනය පුංචි අම්මාට අසුවීමෙන් පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව වසර දෙකකට පෙර සිය මාමාද ඇය දූෂණය කළ සියලු රහස් හෙළිවී තිබේ. සැකකාර පියා පෙරේදා (30 දා) සවස අත්අඩංගුවට ගැනීමෙන් පසු මාමා සහ පොලීකරුවා ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

දියණියන් දෙදෙනකුගේ මවක් හා පියෙකු විසින් තම නිවසේ කාලයක් තිස්සේ රහසිගතව සූදුපොළක් පවත්වාගෙන ගොස් තිබේ. කලවාන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි විවාහක පුද්ගලයෙකු මෙම සූදු පොළට මුදල් පොලියට දෙන්නට වරින් වර මෙම නිවසට පැමිණ තිබෙන අතර සැකකාර පියා බුරුවා ගැසීමට මේ පුද්ගලයාගෙන් මුදල් ලබාගෙන තිබේ. ඒ සඳහා මේ පුද්ගලයා සමග ඇසුරක් පවත්වන මෙන් තම වැඩිමහල් දියණියට අනුබල හා උපදෙස් ලබාදී ඇතැයිද, එයට තම මවගේ කිසිදු අනුමැතියක් ලැබී නැතැයිද පොලිසිය පැවසීය. ඒ අනුව 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවිය සැකකාර පොලීකරුවා විසින් නිවසට පැමිණ හා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගෙන 2022 වසරේ සිට මේ දක්වා වසරක් තිස්සේ විවිධ ස්ථානවලට ගෙන ගොස් අපයෝජනය කර ඇතැයි පොලිසිය කියයි.

සිසුවිය සම්බන්ධ කරගැනීම සඳහා සැකකාර පොලීකරුවා විසින් හොර රහසේ සිසුවියට ජංගම දුරකථනක්ද ලබාදී ඇති බවත්, එය සිසුවියගේ පුංචි අම්මාට සහ බාප්පාට අසුවී ජංගම දුරකථනය පොලොවේ ගසා ඒ සම්බන්ධයෙන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් හමුවේ කළ විමර්ශනයකදී මෙම රහස් සියල්ල හෙළිවූ බව පොලිසිය පැවසීය.

2021දී සිසුවියගේ මාමා කෙනකු වන විවාහක පුද්ගලයකු බීමතින් නිවසේ කව්රුත් නැති අතර තුර පැමිණ සිසුවියට බරපතළ ලිංගික අපයෝජනයක් කර ඇති බවත් හෙළිවූ බව පොලිසිය කීය. සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහලට ඇතුළත් කර තිබේ. සැකකාර පියා මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. පලාගිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට අගලවත්ත පොලිසිය විමර්ශන අරඹා ඇත. අගලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. තරිඳු හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.
ගල්පාත – චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment