බවර් සමාගමට SAP Dare to Dream Awards 2023 සම්මන උළෙලේදී සුවිශේෂ ඇගයුම් සම්මානයක් හිමිවෙයි

43

තිරසර ඩිජිටල් පරිවර්තනයක් උදෙසා ගනු ලැබ ඇති ප්‍රයත්න අගය කරමින්, පසුගියදා පැවති SAP Dare to Dream Awards 2023 ශ්‍රී ලාංකික සම්මාන උළෙලේදී Finance Transformation සම්මානය දිනා ගැනීමට මෙරට ප්‍රමුඛතම විවිධාංගීකරණ සමූහයක් වන A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගම සමත් විය.

SAP Dare to Dream Awards 2023 යනු John Keells IT හි සහයෝගීතාවද EY හි දැනුම් සහයෝගිතාවද සමග SAP මගින් සංවිධානය කරන ලද සුවිශේෂ සම්මාන උළෙලකි. බවර් සමාගම ඉකුත් වසර තුළ SAP තාක්‍ෂණය සහ විසඳුම් භාවිත කරමින් හඳුන්වාදෙන ලද නවෝත්පාදන, ක්‍ෂණික පරිවර්තන සහ ව්‍යාපාරය තුළ ඇති කළ පරිවර්තන ක්‍රියාකාරකම් මෙම සම්මානය හරහා ඇගයීමට ලක්විය.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ බවර් සමාගමේ තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂික අනෝජා බස්නායක තම කණ්ඩායම සමග සමගින් සම්මානය අතැතිව.

advertistmentadvertistment
advertistmentadvertistment