2023 වසරේ ශ්‍රී ලංකාවේ ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ බැංකුව’ හා ‘වඩාත්ම නවෝත්පාදක ඩිජිටල් බැංකුව’ ලෙස සම්මාන දිනා ගනිමින් කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තරව හා දේශීයව ගෞරවාන්විත සම්මාන රැසක් දිනා ගත් 2023 වසර අවසන් කළේය.

කොමර්ෂල් බැංකුවට මෙම නවතම සම්මාන පිරිනමන ලද්දේ, ව්‍යාපාරික ලෝකයේ සිදුවන ඉතා වැදගත් සිදුවීම් හා වර්ධනයන් පිළිබඳව ප්‍රමුඛ පෙල තොරතුරු සපයන්නෙකු වන, එංගලන්තය මූලික කරගත් ‘ග්ලෝබල් බිස්නස් අවුට්ලුක්’ විසිනි. කොමර්ෂල් බැංකුව ‘ග්ලෝබල් බිස්නස් අවුට්ලුක්’ වෙතින් සම්මාන ලැබූ පස්වන අවස්ථාව මෙයයි.

‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ බැංකුව’ සම්මානය මඟින් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) අංශයේ ණය දීම් කෙරෙහි යොමු කර ඇති විශේෂ අවධානය ඇගයීමට ලක් කර ඇත. ඒ අනුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හඳුනා ගැනීමටත්, ඇගයීමටත්, එම ව්‍යාපාර වලට සහය ලබා දීම සඳහා ඩිජිටල් ක්‍රමවේද හඳුන්වා දීම හා මෙම අංශයට වැඩිම ණය ලබා දෙන්නා ලෙස බැංකුවේ මෙහෙවර මෙහිදී අවධානයට ලක්විය.

advertistmentadvertistment
advertistmentadvertistment