පඩි අඩු නිසා ගුරු අධ්‍යාපනඥ සේවය කොටඋඩ

84

ජාතික අධ්‍යාපන පීඨ 19ක්, ගුරු විද්‍යාල 8ක් හා ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථාන 113ක් වැසීයා හැකියි – සජිත් කියයි

ගුරු අධ්‍යාපනඥ සේවයේ නිරතවන අයට අඩු වැටුපක් නියම වී ඇති නිසා බොහෝ අය මේ සේවයට ඒමට අකැමැති වී ඇති බවත් මේ හේතුව නිසා අධ්‍යාපනඥයන් නැවතත් ගුරු සේවයට යෑමට ඉල්ලුම් කරන බවත් එසේ වුවහොත් ජාතික අධ්‍යාපන පීඨ 19ක්, ගුරු විද්‍යාල 8ක් හා ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථාන 113ක් වැසී යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (25 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ගුරු අධ්‍යාපනඥ සේවයේ 2089ක අනුමත වූ පුරප්පාඩු පැවතියත් අද වන විට සේවයේ යෙදී සිටින්නේ 650ක් පමණක් බවත් ඒ නිසා මොවුන්ගේ විසින් තමන්ට හිමිවිය යුතු වැටුප් වර්ධක 12ක් ලබා දී මේ වැටුප් විෂමතාවට විසඳුමක් දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මෙවැනිම විෂමතා ගැටලුවක් ගුරු උපදේශක සේවයේ පවා ඇති බවත් ඔවුන් ද ගුරු සේවයට නැවත යෑමට සූදානම් බවත් ඒ සඳහා ද විසඳුමක් ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.

තව ද විශ්‍රාමික ගුරුවරුන්ගේ හිඟ වැටුප් වැඩිවීම සම්බන්ධව ගන්නා පියවර විමසා සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ ගුරු උපදේශන සේවයේ සේවයට වාර්තා නොකළ පිරිසව සේවය අතහැර ගියා සේ සැලකීමට චක්‍රලේඛන නිකුත් කර ඇති බැවින් ඒවා අවලංගු කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවය.

රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment