නිධානයක් හාරමින් සිටි හතරදෙනෙක් අත්අඩංගුවට

312


කිළිනොච්චිය ධර්මපුරම් අලගපූරී ප්‍රදේශයේ නිධානයක් හාරමින් සිටි හතර දෙනෙකු ධර්මපුරම් පොලීසිය විසින් ඊයේ (18 දා* රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත පොලීසිය හා එම නිලධාරීන් එක්ව එහි යන විට සැකකරුවන් හතර දෙනා ස්කෑනරයක් හා තවත් උපකරණ කීපයක් යොදාගෙන නිධානය හෑරීමේ කටයුතු වල නිරත වී සිටි බව පොලීසිය පැවසීය.
අත් අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනා වවුනියාව යාපනය හා විශ්වමඩු යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන්ව කිළිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට ධර්මපුරම් පොලීසිය පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment