කොටි සැමරුමකට දෙපිරිසක් ගැටෙති

432


කොටි ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 14කි.

එිහිදී යුද ගැටුම් අතරතුර මියගිය කොටි ත්‍රස්තවාදීන් සිහිපත් කරමින් සැමරුමක් බොරැල්ල පොදු සුසාන භුමිය ඉදිරිපිට පැවැත්වීමට යාමේදී පාර්ශ්ව දෙකක් අතර නොසන්සුන්තාවයක් ඇතිවිය.

සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් බොරැල්ල පොදු සුසාන භුමිය ඉදිරිපිට මියගිය කොටි සාමාජිකයින් සිහිපත් කරමින් සැමරුමක් සංවිධානය කර තිබුණි.

එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් ඊට විරෝධය පෑමත් සමග එම ස්ථානයේ නොසන්සුන්තාවක් ඇතිවිය.

කෙසේවෙතත් පැමිණි පිරිස එම ස්ථානයේදී පහන් දල්වමින් මියගිය කොටි සාමාජිකයින් සිහිපත් කිරීම සිදුකර තිබේ.

පසුව පොලිසීයේ මැදිහත්වීමෙන් දෙපාර්ශ්වය විසුරුවා හැරීමට පියවර ගෙන තිබුණි

advertistmentadvertistment
advertistmentadvertistment