ෂාෆ්ටර්ගේ මරණය සෙවීමේ කමිටුව ගැන අධිකරණ තීරණය

288

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා පත් කිරීමට නියමිත විශේෂඥ පංච පුද්ගල වෛද්‍ය කමිටුවේ සාමාජිකයින් විනිවිදභාවයකින් යුතුව පත්කිරීමට තමන් අපේක්ෂා කරන බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද විවෘත අධිකරණයේ ප්‍රකාශ කළාය.මෙම සිද්ධියට අදාල මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් මෙම ප්‍රකාශය සිදු කරනු ලැබීය.ඉන් අනතුරුව මෙම කමිටුව පත් කිරීමේ කටයුතුවල ප්‍රගතිය දැනුම්දීම සඳහා මෙම පරීක්ෂණය ලබන සදුදා කැඳවන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment