EPF විශ්‍රාමික ඉතුරුම්වලට අත තැබීම අසාධාරණයි – ජනගහනයෙන් 77% කගේ අදහස බව වෙරිටේ රිසර්ච් කියයි

103

සේවක අර්ථසාධක අරමුදලේ තැන්පත් කර ඇති විශ්‍රාමික ඉතුරුම්වලට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය අනවශ්‍ය හා සාධාරණ නොවන බව මෙරට ජනගහනයෙන් 77% ක් පවසන බව Syndicated Surveහි සමීක්‍ෂණය තුළින් හෙළිවී ඇතැයි වෙරිටේ රිසර්ච් සඳහන් කරයි.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ මෙම සමීක්‍ෂණය සිදුකර තිබේ. රජයේ එම යෝජිත ක්‍රියාවලිය සාධාරණ බව කියනුයේ ජනගහනයෙන් 10% ක් පමණක් බව ද සඳහන් වේ. 13% ක් ඒ පිළිබඳව කිසිවක් නොදනිති.

වෙරිටේ රිසර්ච් සහ ජනමත විමසුමට දත්ත එකතු කිරීමට සහාය ලබාදෙන වැන්ගාර්ඩ් (පෞද්ගලික) ආයතනය සමග එක්ව සම්පාදිත සමීක්‍ෂණ මෙවලමක් හරහා මේ පිළිබඳ සමීක්‍ෂණය සිදුකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment