අබුඩාබි වැඩිම කඩුලුලාභියා චාමික

298

අබුඩාබි ඔ10 ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට චාමික කරුණාරත්න සමත් වී ඇත.

තරගාවලියේ පෙරේදා පැවති 18 වැනි තරගයේ දී දිල්ලි බුල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක් ලබා ගනිමින් චාමික එම වාර්තා අතරට එක් වී ඇත.

නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම චාමික නියෝජනය කරන අතර ඔහුගේ එම දස්කම් හේතුවෙන් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ලකුණු 67 ක ජයක් එම තරගයේදී අත් විය. චාමික එහිදී ලකුණු 6කට කඩුලු 3 ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ අතර ඔහු මේ වනවිට තරග 4කදී කඩුලු 9 ක් දවා ගෙන ඇත. ඔහුට පසුව ජේසන් හෝල්ඩර් කඩුලු 8 ක් දවා ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment