රටේ හරි අඩක් පමණ දෙනාට උග්‍ර ආහාර ගැටලුවක්

123


මෙරට මිලියන 6.3ක ජනතාවක් මධ්‍යස්ථ හා උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දි සිටින බවට ඇස්තමේන්තුකර ඇති බැව් ශ්‍රි ලංකා මහ බැංකුව විසින් 2022 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සදහන් වේ.
ලෝක ආහාර වැඩසටහන සහ එක්සත්ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය එක්ව 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ නිකුත් කරණු ලැබු හෝග හා ආහාර සුරක්ෂිතතා තක්සේරු මෙහෙයුම් වාර්තාවේ මේ බව සදහන්ව ඇත. එමෙන්ම දිගු කාලයක් පුරා පැවති ආර්ථික අර්බුදය හා ඒ ආශ්‍රිත ආර්ථික අවහිරතා හේතුවෙන් පවුල් ඒකකවල ආදායම අහිමිවිම හා ජනගහනයේ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් අතර ආහාර අනාරක්ෂිතභාවය හා මන්දපෝෂණය ද ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තාවේ සදහන්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment