දෙවරක් දිවි බේරාගත් ගොවියා තෙවැනි වර වන අලි පහරින් මරුට

83

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෙල්ලමුදාව ප්‍රදේශයේ දී පෙරේරා (16) සවස වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි තිරප්පනේ පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ තිරප්පනේ වෙල්ලමුදාව ග්‍රාමයේ පදිංචි වයස අවුරුදු 63ක් වූ ආර්.එස්.ඒ.චන්ද්‍රසිරි දිසානායක නමැති ගොවි මහතෙකි.

ඔහු පෙරේදා (16) සවස සිය යතුරුපැදියෙන් හේනට පැල් රැකීම සඳහා යන අතරතුර හේනට මීටර් 50ක් පමණ දුරින් මෙම වන අලි පහරදීම සිදු වී ඇත.

මීට පෙර අවස්ථා දෙකකදී ද වන අලින්ගේ පහරදීමෙන් මොහු දිවි බේරාගෙන ඇති අයෙකු බවද පවුලේ ඥාතීහු පැවසූහ.

ගත වූ මාස කීපය තුළ තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වන අලි ප්‍රහාරවලින් සිදු වූ තුන්වැනි මරණය මෙය වෙයි. පුංචිකුලම ,වෙල්ලමුදාව,සෙලෙස්තිමඩුව ඇතුළු ගම්මාන කීපයකට කාලයක පටන් වන අලි තර්ජනය උග්‍ර වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
තිරප්පනේ සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment