කිරඹ පුරාණ ගල්ලෙන් විහාරයේ චෛත්‍යයේ ගර්භයේ ඉහළ දේවතා කොටුව කඩලා

58

ඕපනායක කොට්ඨාසයේ කිරඹ පුරාණ ගල්ලෙන් රජමහා විහාරස්ථානයේ චෛත්‍යයේ ගර්භයේ ඉහළ දේවතා කොටුව පෙරේදා (28 දා) රාත්‍රියේ කඩා ඇත.

ඊයේ 29 දා පොහොය දිනයේ චෛත්‍යයට මල්පූජා කිරීමට පැමිණි සිල්මාතාවන් දෙදෙනෙකු විසින් ඊයේ පෙරවරුවේ මෙම සිද්ධිය දැක විහාරාධිපති හිමි වෙත පවසා ඇති අතර පූජ්‍ය කොස්වැටියේ කාශ්‍යප හිමි විසින් ඕපනායක පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිස් නිලධාරීහු ඊයේ (29 දා) දින මේ සම්බන්ධ විමර්ශන ආරම්භ කළහ. 1986 .05.16 දින මෙම චෛත්‍යය ඉඩදිකිරීම් අවසන් කොට වන්දනාමාන සඳහා නිරාවරණය කළ බව කොස්වැටියේ කාශ්‍යප හිමි ‘දිවයින’ට පැවසූහ. මෙහි තැන්පත් කර තිබූ කරඬුව සහ ධාතූන් වහන්සේලා සොරුන් ගෙනගොස් ඇතිබව පෙනෙන්නට තිබිණි.

ඕපනායක – ජයලත් එම්. විමලසේන

advertistmentadvertistment
advertistmentadvertistment