කල්මුණේ සිසුවා මියගියේ ගෙල සිරවීමෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වේ

360

කල්මුණේ සයින්දුමරදු පොලිස් වසමේ මද්‍රසා ඉස්ලම් පාසලේ ඉගෙනීම ලැබූ 13 හැවිරිදි සිසුවාගේ අභිරහස් මියයෑමේ සිද්ධිය පිළිබඳව ඊයේ (07 දා) සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී එය ගෙල හිරවීමෙන් සිදුවූ මරණයක් බවට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

කෙසේ වෙතත් මෙම සිසුවා එසේ සිය දිවි හානිකර ගැනීමට හේතූන් පිළිබඳව මෙතෙක් ස්ථිර තොරතුරක් අනාවරණය වී නැති නිසා සයින්දුමරදු පොලිසිය ඒ පිළිබඳව වැඩිදුර විමර්ශනයක් සිදුකරන බව අම්පාර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ‘දිවයින’ ට පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment