දඩයමේ ගිය වගුරුවෙල ගල්ගේ දේවාලයේ කපුවා සමග සැකකරුවෝ පහක් දැලේ

372

යාල වනෝද්‍යානයෙහි කලාප 05, ඉදිගොල්ල වැව් පිටියේ දඩයමේ යෙදි සිටිදී වන ජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා සහ යාල ගල්ගේ දේවාලයෙහි කපුවා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින් සැකකරුවන් හය දෙනා රුපියල් ලක්ෂ තිහක ශරීර ඇපමත මුදා හරින ලෙස වැල්ලවාය මහෙස්ත්‍රාත් චතුර එරංග දිසානායක මහතා නියෝග කළේය.

මෙයට අමතරව නඩු විභාගය අවසන් වන තෙක් සෑම මසකම පළමු සතියේ ඉරිදා සහ තුන්වන සතියේ ඉරිදා බුත්තල, ගෝනගංආර පොලිසියේ පෙනී සිටින ලෙසටද සැකකරුවන්ට නියම කළේය.

මෙලස ඇප මත මුදා හරිනු ලැබුවේ බුත්තල වගුරුවෙල ප්‍රදේශයේ පදිංචි ගල්ගේ දේවාලයෙහි කපු මහතා වන වීර පතිරණ ප්‍රියන්ත කුමාර, විරසිංහ මුදියන්සෙලාගේ සුමේධ ලක්මාල්, රාජපක්ෂ අප්පුහාමිලාගේ උදයසිරි රාජපක්ෂ, ජයසිංහ පේඩිගේ සමන්ත, රංජිත් සමන්ත සහ මොණරාගල රත්නපිටිය ප්‍රදේශයේ පදිංචි ඪී.එම්. සුමනපාල යන හය දෙනාටය.

යාල ජතික වනෝද්‍යානයෙහි ඉදිගෙලේල වැව් පිටියේ දඩයමේ යෙදී සිටියදී වන ජීවී නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදි සැකකරුවන් සන්තකයෙහි තිබී ගිනි පෙට්ටි සහ රතිඤ්ඤා කරල් තොගයක්, දඩයම් කරන සතුන්, මස් කිරීමට යොදා ගන්නා ලද පිහියක්, කොටස් කර ලද මස් ඇසුරම් කිරීම සඳහා ගෙන එන ලද ෂොපින් බෑග් තොගයක් ඇතු`ඵ දඩයමට අවශ්‍ය භාණ්ඩ රැසක්ද සමග කැලෑවේ සගවා තිබුණු ඔවුන් පැමිණි ත්‍රිවිල් රථයද වන ජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්ගේ දේවාලයෙහි කපුවා විසින් වන ජීවී නිලධාරීන් ගමන් ගන්නා ස්ථානයන් පිළිබඳ තොරතුරු සැකකරුවන්ට ලබාදෙමින් දඩයමට අනුබල දුන් බවට සැකකරුවන්ගෙන් අනාවරණය කර ගැනීමෙන් පසු වන ජීවී නිලධාරීන් විසින් එම කපුවා අත්අඩංගුවට ගෙන තිබුණි.

දේවාලය සෝදිසි කිරීමේ දී එම දේවාලයෙහි තිබි සැකකරුවන්ගේ ගමන් මල්ලක්ද වන ජීවි නිලධාරීන්ගේ භාරයට ගෙන තිබුණි.

මෙම සැකකරුවන් පිරිස බස් රථ වලින් පැමිණ ගල්ගේ දේවාලය ආසන්නයේ බසයෙන් බැස ඔවුන් සන්තකයේ ඇති ගිනි අවි ඇතුඵ උපකරණ කැලයේ සඟවා ගල්ගේ වන ජීවී කාර්යාලය පරිශ්‍රයේ පිහිටි දේවාලය වෙත ගොස් ඇඳුම් මාරුකර එම දේවාලයෙහි ඔවුන්ගේ ගමන් මලු තබා දඩයමේ ගොස් ඇති බව වන ජීවී නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ.

මහත් හාස්කම් ඇතැයි කියන කැබලිත්ත දේවාලය හෙවත් කැලේ දේවාලයට යන බැතිමතුන් මාසයක පමණ කාලයක සිට මස් මාංශ නොකා පේවි කැලේට ඇතු`ඵ වීමට පෙර මෙම වන ජීවී කාර්යාලය පරිශ්‍රයේ පිහිටි ගල්ගේ දේවාලයට පලතුරු වට්ටි තබා පුද පුජා පවත්වා පඬුරු ගැට ගසා යන බවද වන ජීවී නිලධාරිහු පවසති.

වනෝද්‍යානයෙහි ඉදිගොල්ල ප්‍රදේශයට දඩයම්කරුවන් පිරිසක් ඇතු`ඵ වී ඇති බවට ගල්ගේ සහ ලුණුගම්වෙහෙර වනෝද්‍යාන භරකරු ඩබලිව්.ජේ.කේ. හේරත් මහතාට ලද තොරතුරක් මත ඌව පළාත භාර සහකාර වන ජීවී අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.ඒ.ඩී.යු. ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් මත වන ජීවී නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම වැටලීම සඳහා වනෝද්‍යාන භාරකරු ඩබ්ලිව්. ජේ.කේ. හේරත්, අඩවි ආරක්ෂක එච්.එම්.සී. සංකල්ප, වන සත්ව නියාමක කේ.කේ. උපුල් ප්‍රියංග, ක්‍ෂේත්‍ර සහයකයන් වන එච්. පී. ප්‍රියංක සහ ටී.කේ. තිළිණ මධුවන්ත රියැදුරු එස්.එම්. සුමිත් යන අය සහභාගී තිබේ.

දෙබරවැව – ඒ.ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment