ශාන්ත පීතර ශත වර්ෂ පූර්ණයට විදෙස් කණ්ඩායම් 3 ක්ද එයි

137

ඕස්ට්‍රේලියානු කණ්ඩායම් 02 ක් සහ මැලේසියානු කණ්ඩායමක හා බහරේන් කණ්ඩායමක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයීය ශත වර්ෂ පූර්ණ අවුරුදු 20 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය ඔක්තෝබර් 14 සහ 15 යන දෙදින ක්‍රියාත්මක කෙරේ.

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම සැමරුම් තරගාවලියට එක්ව සිටින කණ්ඩායම් සංඛ්‍යාව 12 කි. දිවයිනේ ප්‍රමුඛතම පාසල් 08 ක් සහ විදේශීය කණ්ඩායම් 04 ක් එයට අයත් වේ. මෙහි මූලික වටය කාණ්ඩ 02 ක් යටතේ ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර එහිදී ප්‍රදර්ශනය කරන දක්ෂතා පදනම් කර ගනිමින් කුසලාන වටය, පළඟ වටය, බඳුන වටය සඳහා කණ්ඩායම් පෙළගැස්වීමට නියමිතය.

රාජකීය විදුහල, ඩී.එස්.සේනානායක විදුහල, ශ්‍රී සුමංගල විදුහල, තර්ස්ටන් විදුහල, වෙස්ලි විදුහල, සහිරා විදුහල, විද්‍යාර්ථ විදුහල සහ සත්කාරක ශාන්ත පීතර විදුහල මෙම තරගාවලියට එක්ව සිටී.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment