දසුන්ට ඉන්දීය මහකොමසාරිස්ගෙන් සුබපැතුම්

710

ආසියානු ක්‍රිකට් කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් සුබපැතුම් පිරිනමා ඇත. ශ්‍රී ලංකා නායක දසුන් ශානක හමුවූ ඉන්දීය මහකොමසාරිස්වරයා සිය උණුසුම් සුබපැතුම් පිරිනැමූ බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාල ට්විටර් ගිණුමේ සටහන් කර ඇත. එහි මෙසේ සටහන්ව තිබිණි.

“ශිෂ්ට සහ සාඩම්බර ජයග්‍රහණයක්! ක්‍රිකට් නම් බැඳීමක්! මහ කොමසාරිස්තුමා සහ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු 2022 ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක මහතාට සුබපැතූහ. ක්‍රිකට් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තවත් මාහැඟි බැඳීමකි.”

advertistmentadvertistment
advertistmentadvertistment