නොර්වුඩ් ප්‍රා. සභාවේ සභාපති වතුයායේ  ඉඩම් අල්ලනවායැයි කම්කරුවෝ විරෝධතා

73

නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තම වතු යායට අයත් තේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා වෙළෙඳ සැල් ඉදි කරන බවට චෝදනා කරමින් බගවන්තලාව බි්‍රඩ්වෙල් වතුයායේ වතු කම්කරුවන් පිරිසක් (12) දින පස්වරුවේ එම වතු යායේදී විරෝධතාවයක නියැලිණි.

නොර්වුඩ් ප්‍රා. සභාවේ සභාපති වතුයායේ  ඉඩම් අල්ලනවායැයි කම්කරුවෝ විරෝධතා

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ බගවන්තලාව නගරයට මායිම්ව බි්‍රඩ්වෙල් වතුයායේ තේ ඉඩම් තිබෙන බවත්, එම තේ ඉඩම්වලින් කොටසක් සභාපතිවරයා බලහත්කාරයෙන් අල්ලා මේ වන විටත් පෞද්ගලික වෙළෙඳ සැල් කිහිපයක් ඉදි කර ඇති බව වතු කම්කරුවෝ චෝදනා කරති.

සභාපතිවරයා තේ වතු ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන තවත් ඒ අසලම පිහිටි තේ ඉඩම් කැබලි කිහිපයක් අත්පත් කර ගැනීමට උත්සාහ කරන බව චෝදනා කරමින් එම වතු කම්කරුවන් පිරිසක් ඒ අසලම පිහිටි තේ වගා කර ඇති ඉඩම් කිහිපයක් අත්පත් කරගැනීමට පියවර ගෙන තිබේ.

වතු පාලන අධිකාරිය මගින් මේ සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසියට පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර ඇති බව පැවසූ එම වතු යායේ වතු කම්කරුවන් කියා සිටින්නේ නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම ඉඩම් සභාවට අයත් බව පවසමින් මෙසේ ඉදිකිරිම් සිදු කරන බවයි.

මේ සම්බන්ධයෙන් අප නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතාගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ ප්‍රධාන මාර්ගයේ සිට අඩි කිහිපයක් මාර්ග රක්ෂිතයට අයත් බවත්, එම රක්ෂිතයේ කොටස නොර්වුඩ් ප්‍රාදේශීය සභාවට අයත් වන බවයි.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment