මව්වරුන්ට දුන් ත්‍රිපෝෂවල ඇප්ලොටොක්සින් විෂ අඩංගු බව තහවුරු වෙලා

100

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ

මිලියන හයකට අධික ප්‍රමාණයක් තමන්ගේ දෛනික ආහාර වේල සපයාගත නොහැකිව සිටින වෙලාවේ පාලකයන් උත්තරීතර පාර්ලිමේන්තුවේ බොරු බේගල් ඇද දමා තම තනතුරු ආරක්ෂා කර ගන්න උනන්දු වීම ඛේදනීය යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (22 දා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

“මේ වෙනකොට රටේ ආර්ථික අහේනිය නිසා අපේ රටේ තුන්වේල කන්න බැරි මිනිස්සු ජනගහනයෙන් තුනෙන් එකක් ඉන්නවා කියලා ලෝක ආහාර සංවිධානය කියනවා. මිලියන 6 කට අධික ප්‍රමාණයක් තමන්ගේ දෛනික ආහාර වේල සපයා ගන්න බැරුව ඉන්න වෙලාවේ ඒ වෙනුවෙන් රටේ පාලකයන් ක්‍රියාත්මක විය යුතු වෙලාවක තවදුරටත් උත්තරීතර පාර්ලිමේන්තුවේ බොරු බේගල් ඇද දාලා තමන්ගේ තනතුරු ආරක්ෂා කරගන්න උනන්දු වීම ඛේදනීයයි.

මව්වරුන්ට දුන් ත්‍රිපෝෂවල ඇප්ලොටොක්සින් තහවුරුවෙලා. ඒ වගේම ත්‍රිපෝෂ ආදේශක විස සමාගම් 4 කට තිතාසි. අද මේ පිළිබඳව නැවත පාර්ලිමේන්තුවේදී විමසීමක් කළා.

එහිදී කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා මේක පිළිඅරගෙන කියනවා, මේක ඊයෙ වෙච්ච දෙයක් නෙවෙයි, මීට පෙර වෙච්ච එකක් කියලා. ඒ නිසා අපි කියනවා ඔබතුමන්ලාගේ ඇමැති සැප ගන්න. තව ඇමැතිවරු රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ඒ ආතල් එක ගන්න. හැබැයි මේ රටේ අහිංසක මිනිස්සුන්ට, තුන්වේල කන්න නැති මිනිසුන්ට වස විෂ දෙන්න එපා. අපි දැක්කා පහුගිය කාලේ අතුරු අයවැයක් ඉදිරිපත් වුණා. එහි තියෙන්නෙ පුනරාවර්තන වියදම් විතරයි. ඒ ටික වියදම් කරන්න අමාත්‍යාංශ ලේකම්වරයාට පුළුවන්. රාජ්‍ය ඇමතිවරුන්ට වාහන හයක් හතක් දීලා, දුරකථන හතරක් පහක් දීලා, තමන්ට ඕන නිලධාරීන් පත්කරගෙන රාජ්‍ය ඇමතිවරු ශක්තිමත් කරන්නේ. දැන් රාජපක්ෂ මහත්වරු කල්පනා කරනවා ඉදිරියේ දී මැතිවරණයක් අනිවාර්යෙන්ම තියන්න වෙනවා, මොකද පළාත් පාලන මැතිවරණය පිළිබඳව තීන්දුව ගන්න මැතිවරණ කොමිෂන් සභාවට බලය පැවරුණා. ඒ හරහා නිර්මාණය වෙන මැතිවරණයකදී වැඩේ ගොඩ දාගන්න එක එක සෙල්ලම් කරනවා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment