අයවැය වැඩි ඡන්ද 41කින් සම්මතයි – පක්‍ෂව ඡන්ද 122යි – විරුද්ධව 81යි

54

අලිසබ්රි රහීම් පක්‍ෂ වෙයි

ලබන වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවලිය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්ද 41 කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (13දා) සභා සම්මත විය.

අයවැයට පක්ෂව මන්ත්‍රීවරුන් ඡන්ද 122 ක් ප්‍රකාශ කළ අතර විපක්ෂව ඡන්ද 81 ක් ප්‍රකාශ විය. එහිදී සීවී විග්නේෂ්වරන් මහතා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. ඡන්ද විමසීම ඉලෙක්ට්‍රොනික ක්‍රමයට පස්වරු 06ට පැවැත්විණි.

එහිදී ආණ්ඩු පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රීවරු පිරිසක් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. එහිදී වඩිවෙල් සුරේෂ්, ඒ එච්එම් ෆවුසි, ජෝන් සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ෂන යාපා, නිමල් ලන්සා, ඒ.එල්.එම්. අතාවුල්ලා, එස්. ජගත් සමරවික්‍රම, ප්‍රියංකර ජයරත්න, දුමින්ද දිසානායක, අලි සබ්රි රහීම් යන මහත්වරු ද අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

සමඟි ජනබලවේගය, ජාතික ජන බලවේගය දෙමළ ජාතික සන්ධානය ද විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේදී ඇතිකර ගත් ගැටුමක් හේතුවෙන් මාසක කාලයක් සඳහා පාර්ලිමේන්තු සේවය අත්හිටුවා තිබූ ඩයනා ගමගේ, සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මහත්ම මහත්මීන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමට පමණක් අවස්ථාව සලසා තිබිණි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment