සිහින නෙළුම් මල් පිපෙන්නයි හදන්නේ

270

මෝටර් බයිසිකල් සිනමා නිර්මාණය ඔබට තිළිණ කළ සමීර නාඔටුන්නගේ මීළඟ සිනමා නිර්මාණය වන ‘සිහින නෙළුම් මල්’ සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහි තිර රචනය සහ අධ්‍යක්‍ෂණය සමීර නාඔටුන්නගේ වන අතර වරුණ අරඹගේ නිෂ්පාදනයකි. හේමාල් රණසිංහ සහ දුෂේනි මියුරංගි මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙති. සිහින නෙළුම් මල් සඳහා කැමරාකරණයෙන් විශ්වජිත් කරුණාරත්නත්, කලා අධ්‍යක්‍ෂණයෙන් ධම්මික හේවාදුවත්තත් එක්වේ. සංගීත අධ්‍යක්‍ෂණය මිලින්ද තෙන්නකෝන්ගෙනි.

වේෂනිරූපණය බුවනෙක රණවක ද සංස්කරණය රවීන්‍ද්‍ර ගුරුගේ ද ශබ්ද පරිපාලනය අරුණ ප්‍රියන්ත කළුආරච්චි ද නිෂ්පාදන කළමනාකරණය රොනිත් අධිකාරී ද සහාය අධ්‍යක්‍ෂණය දමින්ද ඩී. මඩවල ද විසිනි.

ඡායාරූප – අමල් රෝෂ්

advertistmentadvertistment
advertistmentadvertistment