ශී‍්‍ර ලංකාව චීනයෙන් ඩොලර් බිලියනයක ණයක් ඉල්ලයි

205

ශී‍්‍ර ලංකාව චීනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 01ක ණය මුදලක් සහ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක චීන ණය සහන යෝජනා ක‍්‍රමයක් ලබාගැනීම සඳහා ඉල්ලීමක් කර ඇතැයි ශී‍්‍ර ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන් මහතා පැවසීය.

ශී‍්‍ර ලංකා රජයේ මෙම ඉල්ලීම සම්බන්ධව මේ වනවිට චීන රජය අවධානය යොමුකර ඇතැයි පැවසූ ඒ මහතා චීනය ශී‍්‍ර ලංකාවට සහාය දක්වන දිගුකාලීන මිත‍්‍ර රටක් බවද සඳහන් කළේය. චීන තානාපතිවරයා මේ බැව් පැවසුවේ ඊයේ (21දා* කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය. මෙම ණය මුදල ලබාදෙන දින වකවානු සහ චීන ණය සහන යෝජනා ක‍්‍රමය යටතේ මිලදී ගත හැකි භාණ්ඩ සම්බන්ධව චීන තානාපතිවරයාගෙන් මාධ්‍ය විමසූවිට පැවසුවේ ඒ සම්බන්ධව සාකච්ඡුා පැවැත්වෙන බවයි.

වර්තමානයේ ශී‍්‍ර ලංකාව මුහුණදී ඇති ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම ගැන චීනයේ අදහස කුමක් දැයි මෙහිදී මාධ්‍ය විමසූ විට තානාපතිවරයා පැවසුවේ එය ශී‍්‍ර ලංකා රජයේ තීරණයක් බවය. ශී‍්‍ර ලංකාවට ආධාර ලබාදීමේදී චීනය කිසිදු කොන්දේසියක් පනවා නැතැයි ද ඉදිරියේදී දෙරට අතර අත්සන් කිරීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුම් සඳහා ද කිසිදු කොන්දේසියක් පනවන්නේ නැතැයි ද මෙහිදී චීන තානාපතිවරයා සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment