කොළඹ ඉන්දීය වීසා වැසෙයි

164

ආරක්ෂාවට අදාළ සිදුවීම් හේතුවෙන් කොළඹ පිහිටා ඇති ඉන්දීය වීසා අයැදුම් මධ්‍යස්ථානය නැවත දැනුම් දෙන තෙක් වසා තබන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව වීසා සම්මුඛ සාකච්ඡා සඳහා ලබා දී ඇති දින වෙනස් කර ගන්නා ලෙස සියලු අයැදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.

හදිසි කොන්සියුලර්/වීසා ගැටලුවක් වේ නම් දුරකථනයෙන් මහ කොමසාරිස් කාර්යාලය සමග සම්බන්ධ වන ලෙස ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment