ඇමරිකා “නිව්යෝර්ක් පෝස්ට්” පුවත්පතේ රචනා තරගයකින් ජයකෙහෙළි නැංවූ ශ්‍රී ලංකාවේ ආකාශ්

47

ඇමරිකාවේ “නිව්යෝර්ක් පෝස්ට්” පුවත්පත විසින් සංවිධානය කරන ලද රචනා තරගයකින් එහි ඉගෙනුම ලබන දාහත් හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවකු වන ආකාශ් පෙරේරා ජයග්‍රහණය කර ඇත.

නිව්යෝර්ක්හි මොන්සිනොර් ෆැරල් උසස් විද්‍යාලයේ ඉගෙනුම ලබන ආකාශ්ගේ ලිපියට පාදක වී තිබෙන්නේ නිල ඇඳුමකින් සැරසී පාසල් යද්දී දරුවන් අතර ඇතිවන සමානාත්මතාව සම්බන්ධයෙනි. බොහෝ විට ඇමරිකාවේ ඇතැම් පාසල් සිසුන්ට නිල ඇඳුමක් නියම කර නැත. “නිව්යෝර්ක් ටයිම්ස්” පුවත්පත විසින් නිව්යෝර්ක්හි උසස් පාසල් සිසුන් අතර මෙම රචනා තරගය පවත්වා ඇත. ආකාශ් විසින් රචිත ලිපිය පසුගිය 07 වැනිදා අඟහරුවාදා එම පුවත්පතේ පළකර තිබේ. ආකාශ් පවුලේ එකම දරුවා වන අතර මව සහ පියා සමග නිව්යෝර්ක්හි පදිංචිව සිටී.

අජිත් අලහකෝන් – නිව්යෝර්ක් සිට

advertistmentadvertistment
advertistmentadvertistment