ජල සම්පාදන මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරි ටී. භාරතිදාසන් වැඩ භාරගනී

30

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අභිනව සාමාන්‍යාධිකාරීවරයා ලෙස ඉංජිනේරු ටී. භාරතීදාසන් මහතා පත්ව තිබේ.

ඒ මහතා එම මණ්ඩලයේ 19 වැනි සාමාන්‍යාධිකාරීවරයා වේ.

යාපනය සංකුවේලි රජයේ දෙමළ මිශ්‍ර පාසල, මනිපායි හින්දු විද්‍යාලය යන පාසල්වලින් ප්‍රාථමික අධ්‍යාපනය ලද ඒ මහතා ද්විතීක අධ්‍යාපනය සඳහා ඉන්දියාවේ චෙන්නායිහි ශ්‍රී රාමක්‍රිෂ්ණ පාසල වෙත ඇතුළත්ව තිබේ.

ඒ මහතා 1991 වසරේදී ඉන්දියාවේ මදුරෙයි කාමරාජ් විශ්වවිද්‍යාලයෙන් සිය ඉංජිනේරු උපාධිය (සිවිල්) සම්පූර්ණ කර තිබේ. 1998 දී මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉදිකිරීම් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය සම්පූර්ණ කර ඇති ටී. භාරතීදාසන් මහතා 2008 වසරේදී නෙදර්ලන්තයෙන් ජල විද්‍යාව සහ ජල සම්පත් පිළිබඳ පශ්චාත් උපාධිය සම්පූර්ණ කර තිබේ.

එසේම හෙතෙම 2018 වසරේ දී රජරට විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ද ලබාගෙන ඇත. හෙතෙම ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයෙකි.

ඒ මහතා එම තනතුරට පත්වීමට ප්‍රථම අතිරේක සාමාන්‍යාධිකාරී (උතුර-නැඟෙනහිර) ලෙස කටයුතු කළේය.

ඒ මහතා වැඩ භාරගත් අවස්ථාවට ඒ මහතාගේ බිරිඳ වන වෛද්‍ය තයාපාරනී භාරතීදාසන් මහත්මිය, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, උප සභාපති සංජීව විජයකෝන් ඇතුළු මණ්ඩලයේ ඉහළ නිලධාරීන් පිරිසක් එක් වූහ.

ජල සම්පාදන මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරි ටී. භාරතිදාසන් වැඩ භාරගනී
ජල සම්පාදන මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරි ටී. භාරතිදාසන් වැඩ භාරගනී

අභිනව සාමාන්‍යාධිකාරී ටී. භාරතීදාසන් මහතා සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කරමින්.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment