පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හිස් කථානායක දැනුම් දෙයි

40

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (09 දා) නිල වශයෙන් දැනුම් දුන්නේය.

ඒ අනුව ඒ බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැන්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද නිවේදන යටතේ ප්‍රකාශයක් කරමින් කථානායක සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ඊයේ (08 දා) සිට බල පැවැත්වෙන පරිදි අහෝසි වූ බව ද ඒ මහතා එහිදී කීය. මේ අතර මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය විසින් ඊයේ දිනයේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment