රත්නපුර බෝධිරාජ සත් බුදු මැඳුර විවෘත කිරීමේ පිංකම් මාලාව ඇරඹේ

17

රත්නපුර, වරකාතොට පාර බෝධිරාජාරාම විහාරයේ අභිනවයෙන් ඉදි කළ බුද්ධ මන්දිරය විවෘත කිරීම නිමිති කොට ගෙන සංවිධානය කරනු ලබන පිංකම් මාලාවේ සමාරම්භක උත්සවය පෙරේදා (මැයි 08) පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

විහාර මන්දිරයෙහි තැම්පත් කිරීම සඳහා වැඩම කරනු ලැබූ ධාතූන් වහන්සේලා විහාරස්ථානය වෙත ළඟා වීම එම අවස්ථාවේ දී සිදුවූ අතර 16 වැනි දින දක්වා ධාතු පූජා පිංකම් සහ විශේෂ ධර්ම දේශනා මාලාවක් ද පැවැත්වේ.

සත් බුදුමැඳුර ලෙස නම් කොට ඇති මෙම අභිනව බුද්ධ මන්දිරය ඉදි කොට ඇත්තේ නිතර නිතර ප්‍රදේශයට බලපාන ගංවතුර තත්ත්වයන්ට මුහුණදිය හැකි ආකාරයේ සිව් මහල් ගොඩනැඟිල්ලක ඉහළම මහලේය. අලංකාරවත් ලෙස නිර්මාණය වුණු බුද්ධ ප්‍රතිමා, බිතු සිතුවම් චිත්‍ර හා වෙනත් මූර්තිවලින් අලංකාර වුණු බුද්ධ මන්දිරය විවෘත කිරීම මැයි 16 වැනිදා උදේ 8.30 ට සිදු වේ. එම අවස්ථාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමලාභිධාන නා හිමිපාණන් වහන්සේ ප්‍රධාන ත්‍රෛනිකයික මහා සංඝරත්නය සමග ගිහි පැවිදි ආරාධිතයන් රැසක් සහභාගි වෙති. මෙම පිංකම් මාලාවේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය සීමා සහිත උපාලි පුවත්පත් සමාගම දරන අතර මෙවර බුදුමග වෙසක් කලාපයෙහි සත් බුදුමැඳුර විවෘත කිරීම පිළිබඳ විශේෂ අතිරේකයක් ද පල වේ.

ධර්මප්‍රිය ලියනආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment