අවුරුදු 13ක දැරියකට ගබ්සාවක්

528

වෛද්‍යවරයා – දැරියගේ මව සහ අනියම් සැමියා අත්අඩංගුවට

වයස අවුරුදු 13ක දැරියකට නීති විරෝධී ලෙස ගබ්සාවක් සිදු කිරීමේ චෝදනාව මත මුලතිව්හි තුන්දෙනකු මුලතිව් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දැරිය ගැබ් ගෙන ඇත්තේ එම දැරියගේ මවගේ අනියම් සමියා අතින් බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන තිබේ.

දැරියට හදිසියේ වැළදුණු උදරාබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට ගිය අවස්ථාවේදී ඇය ගැබ් ගෙන ඇති බව හෙළිවීමෙන් පසුව මුලතිව් නගරයේ වෛද්‍යවරයකු හමු වී ඇයට ගබ්සාවක් සිදු කරගෙන තිබේ.

පසුව දැරිය අධික ලෙස රුධිරය වහනය වීම නිසා රෝගී වීමෙන් පසුව මුලතිව් රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී දැරිය වෛද්‍යවරයකුට සිදු වූ සියලු දේ ප්‍රකාශ කොට ඇත.

වෛද්‍යවරයා මේ ගැන පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව ගබ්සාව සිදු කළ වෛද්‍යවරයා ද දැරියගේ මව හා ඇගේ අනියම් පුරුෂයා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දැරිය තවමත් මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබන අතර සැකපිට අත්අඩංගුවට ගත් තුන් දෙනා මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මුලතිව් පොලිසිය පියවර ගෙන ඇත.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment