මේ නොනිමෙන දිවි ගමන නිමවෙයි

342

‘මේ නොනිමෙන දිවි ගමනේ’, ‘පුංචි දෝනි තරහාවෙලා’, ඇතුළු ජනප්‍රිය ගී රැසක් සිංහල ගීත සාහිත්‍යයට දායාද කළ ප්‍රවීණ ගීත රචකයකු වූ තිස්ස ඩයස් මහතා 02දා අභාවප්‍රාප්ත විය.

ශ්‍යාමලී ජයමහ මහත්මියගේ සැමියා වූ ඒ මහතා මියයන විට 65 වැනි වියෙහි පසුවිය. එක්දරු පියකු වූ තිස්ස ඩයස් ගීපද රචකයකු මෙන්ම පුවත්පත් කලාවේදියකු, වේදිකා නළුවකු මෙන්ම චිත්‍රපට හා ටෙලිනාට්‍ය රැසක් සඳහා රංගනයෙන් දායක වූ දක්‍ෂ රංගන ශිල්පියෙකි. ඔහු විසින් රචනා කරන ලද ගීපද මාලා අතරට දහදුක් වින්දෙ දරුවො හදන්නයි, පියාණනී මා ඔබෙ පුතුවේ, පතනා දේ සුන්වේ නම්, නව අවුරුදු දා බක් මාසේ ඇතුළු තවත් ජනප්‍රිය ගීත රැසක් ද ඇතුළත්ය.

ඒ මහතාගේ දේහය මේ වනවිට මහජන ගෞරවය පිණිස 380/3, වල්ගම රුක්මල්ගම අතුරුගිරිය ලිපිනයේ තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු ඉරිදා (05දා) සවස 4.00ට පන්නිපිටිය ඇරැව්වල ක්‍රිස්තුරාජ දේවස්ථාන සුසාන භූමියේදී සිදුකෙරේ.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment