අනුරපුරේ මධ්‍යස්ථාන දෙකක ගුරුවරු විභාග වැඩවලින් ඉවත් වුණා – ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු

35

මෙවර උසස් පෙළ විභාගයේ විෂයන් සඳහා උත්තර පත්‍ර ඇගැයීම් කටයුතු ඊයේ (01දා) අනුරාධපුර ඇගයීම් මධ්‍යස්ථාන දෙකක දී ආරම්භ වුවද පස්වරු 2.00ට එම මධ්‍යස්ථානවල ඇගැයීම් කටයුතුවල නිරත ගුරුවරුන් එම කටයුතුවලින් ඉවත් වූ බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේද පැවසීය.

ඊයේ දිනයේ විද්‍යාව හා ගණිතය ඇගයීම් කටයුතු දිවයින පුරා ආරම්භ වුණා. නමුත් ඒ සඳහා කරනු ලබන ගෙවීම් පිළිබඳව නිශ්චිතව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ නොකිරීමට විරෝධය පා එම ගුරුවරුන් ඇගැයීම් කටයුතුවලින් ඉවත්ව ගියා. මෙම ඇගැයීම් කටයුතුවලින් දිවයින පුරා සිටින සියලු ගුරුවරුන් අද සිට (02දා) ඉවත්ව යෑමට තීරණය කර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment