Mahindra IDEAL Finance 20 වැනි ශාඛාව කුලියාපිටියේදී විවෘත කෙරේ

157

අලුතින් විවෘත කරන ලද කුලියාපිටිය ශාඛාවේ කාර්ය මණ්ඩලය Mahindra IDEAL Finance හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමග

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන Mahindra IDEAL Finance හි 20 වැනි ශාඛාව පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේදී විවෘත කරන ලදී.

කුලියාපිටිය යනු වයඹ පළාතේ ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ වල වෙසෙන ජනතාට වාණිජමය වශයෙන් අතිශය වැදගත් නගරයකි. Mahindra IDEAL Finance ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ උත්සාහයේ එක් පියවරක් වශයෙන් මෙම නවතම ශාඛාව කුලියාපිටිය ප්‍රදේශයේ ස්ථාපිත කර තිබේ. අංක 26, මාදම්පේ පාර, කුලියාපිටිය යන ස්ථානයේ පිහිටි මෙම ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට Mahindra IDEAL Finance සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සම්භාවනීය අමුත්තන් සහ ගනුදෙනුකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

“විශේෂයෙන්ම ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ වල වෙසෙන ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් නිර්මාණශීලී මූල්‍ය සේවාවන් හඳුන්වා දීමට අප සෑම විටම උත්සාහ කරනවා. මේ සඳහා රට පුරා ආර්ථික හා වාණිජමය වශයෙන් වැදගත් වන ප්‍රදේශ රාශියක් අප මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. මෙම ප්‍රදේශ වල ශාඛා පිහිටුවීම මගින් වැඩි පිරිසක් වෙත අපගේ සේවාවන් සමීප කරවීමට පුළුවන්. කුලියාපිටිය යනු එවැනි ප්‍රදේශයක්. එම ප්‍රදේශයේ ගනුදෙනුකරුවන් රාශියක් Mahindra IDEAL Finance හි සේවාවන් ලබාගැනීමට කැමැත්තෙන් සිටින බව, අප කළ සමීක්ෂණ මගින් පෙනී ගියා. කුලියාපිටිය ප්‍රදේශයේ අපගේ නවතම ශාඛාව පිහිටුවීමට අප කටයුතු කළේ ඒ නිසයි. ඉදිරියේදී තවත් ප්‍රදේශ රැසක අපගේ ශාඛාවන් විවෘත කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අපගේ කුලියාපිටිය ශාඛාව වෙත පැමිණ, අප ලබාදෙන සුවිශේෂී සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නා මෙන් මෙම ප්‍රදේශයේ ගනුදෙනුකරුවන් සියලුම දෙනාට අප ආරාධනය කර සිටිනවා.” Mahindra IDEAL Finance සමාගමේ ප්‍රාදේශීය කළමනාකරු සමන් ධර්මසිරි මහතා පැවසී ය.

ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට අමතරව Mahindra IDEAL Finance සමාගම සිය කාර්ය මණ්ඩලයට තම වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීම සඳහා අවස්ථා රාශියක්ද උදාකර දෙයි. විවිධත්වයෙන් සපිරි කාර්ය මණ්ඩලයකින් සමන්විත Mahindra IDEAL Finance සමාගම තුළ පවතින විශිෂ්ට ආයතනික සංස්කෘතිය නිසා එය 2019, 2020 සහ 2021 වසර වලදීිඨරු්එ ඡක්ජැ එද උදරන’ ඇගයීම හිමිකර ගැනීමටද සමත් විය. එමෙන්ම ඨරු්එ ඡක්ජැ එද උදරන ආයතනය විසින් Mahindra IDEAL Finance සමාගම 2021 වසරේ ශ්‍රී ලංකාවේ වැඩ කිරීමට වඩාත් සුදුසු බැංකු, මූල්‍ය සේවා හා රක්ෂණ සමාගම් 10 අතරට නම් කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment