CPM විසින් සියැට් කැළණි සමාගම ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණය කරන ලද සමාගම් 10 අතරට

17

සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී – තත්ත්ව පාදක කළමනාකාරිත්වය චමින්ද තුෂාර මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ ෂියැං වොන්ග් මහතා පිළිවෙලින් CPM කුසලානය සහ සහතිකය සමාගම වෙනුවෙන් පිළිගනිමින්.

ශ්‍රී ලංකාවේ සාර්ථකම නිෂ්පාදන සමාගම් අතුරින් එකක් වන සියැට් කැළණි හෝල්ඩිංග්ස් සමාගම ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM) විසින් කළමනාකරණ පරිචයන් සඳහා ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් 10 අතරට නම් කර ඇත.

CPM හි ‘Best Management Practices Company Awards’ තුන්වන සංස්කරණයේදී 2023 වසරේ සමාගමේ කාර්යසාධනය වෙනුවෙන් Top 10 සම්මානය සමාගම වෙත පිරිනමන ලදී. මෙම සම්මාන සඳහා තෝරා ගැනීමේදී නායකත්වය, ප්‍රතිපත්ති සහ උපාය මාර්ග, පුද්ගල කළමනාකරණය, හවුල්කාරිත්වය සහ සම්පත්, ක්‍රියාවලි සහ කාර්ය සාධනය යන කළමනාකරණ අංශවල හොඳම පිළිවෙත් සැලකිල්ලට ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරන සියැට් කැලණි සමාගම, 2025-26 වන විට රුපියල් බිලියන 26 ක ආදායමක් ඉලක්ක කර ගනිමින් ජයග්‍රාහී නිෂ්පාදන, නිෂ්පාදන සහ සේවා විශිෂ්ටත්වය සහ ඩිජිටල්කරණය ඔස්සේ වෙළෙඳපොළේ ඉදිරියෙන් සිටීම යන ප්‍රධාන සාධක ශක්තිමත් කිරීම සඳහා 2023 දී නව මුලපිරීමක් ආරම්භ කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment