ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම කෙන්යාවට එරෙහිව අද සටනේ

100

පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට අදාළ කාන්තා ක‍්‍රිකට් තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම

සහභාගී වන දෙවැනි තරගය කෙන්යාවට එරෙහිව අද (20 වෙනිදා ) පැවැත්වේ.

මැලේසියාවේ ක්වාලාලාම්පූර් හි කින්රාරා ඇකඩමි හිදී ශ‍්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9.30ට තරගය ආරම්භ වීමට නියමිතය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම චමරි අතපත්තු විසින් මෙහෙයවනු ලබන අතර ස්කොට්ලන්තයට එරෙහිව පැවති පළමු තරගයේදී ඇය පන්දු 45 කදී ලකුණු 85ක් ලබා ගත්තාය.

ශ‍්‍රී ලංකාව එම තරගයේදී ලකුණු 109ක ජයග‍්‍රහණය ක් ලබා ගත් අතර තරඟයේ දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙසින්ද චමරි සම්මාන ලැබුවාය. බංග්ලාදේශය, මැලේසියාව, ස්කොට්ලන්තය, කෙන්යාව සහ ශ‍්‍රී ලංකාව මෙම තරගාවලියට සහභාගි වේ.

ශ‍්‍රී ලංකා කාන්තා පිල – චමරි අතපත්තු (නායිකා*, හර්ෂිතා මාධවී (උප නායිකාව*, හසිනි පෙරේරා, නිලක්ෂිකා සිල්වා, අනුෂ්කා සංජීවනී, කවීෂා දිල්හාරි, අමා කාංචනා, සචිනි නිසංසලා, උදේශිකා ප‍්‍රබෝධනී, ඉනෝකා රණවීර, විශ්මි රාජපක්ෂ, ඕෂදී රණසිංහ, සුගන්දිකා කුමාරි, තාරිකා සෙව්වන්දි, ප‍්‍රසාදිනී වීරක්කොඩි, අචිනි කුලසූරිය. අතිරේක ක‍්‍රීඩිකාවන් – මදුශිකා මෙත්තානන්ද, කාව්‍යා කාවින්දි,

advertistmentadvertistment
advertistmentadvertistment