හත්වැනි වරටත්  විම්බල්ඩන් ටෙනිස් ශූරයා  – නොවැක් ජොකොවිච්

257

විම්බල්ඩන් පිරිමි ටෙනිස් ශූරතාව හත් වැනි වරටත් තමන් සතු කර ගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් සමත්විය. ඒ 2022 විම්බල්ඩන් ටෙනිස් ශූරතා අවසන් මහා තරගයේදී ඔස්ටේ්‍රලියාවේ නික් කර්ගියෝස් තරග වට 3-1කින් පරාජයට පත් කරමිනි.

 තරගාවලියේ අවසන් පූර්ව වටයේදී කැමරන් නූරි පරාජයට පත් කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නොවැක් ජොකොවිච් සමත් වූ අතර සුපිරි ක්‍රීඩක රෆායල් නඩාල් පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නික්

 කර්ගියොස් සමත්විය. ඒ අනුව අවසන් මහා තරගයේදී නික් කර්ගියෝස් හමුවේ තරග වට 4-6, 6-3, 6-4ක් සහ 7-6ක් ලෙස ජය වාර්තා කරමින් ශූරතාව දිනා ගැනීමට ජොකොවිච් සමත්විය.

 අදාළ ජයග්‍රහණයත් සමගින් ලොව පැරණිතම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව වන විම්බල්ඩන් ටෙනිස් ශූරතාව හත් වතාවක් දිනා ගැනීමට නොවැක් ජොකෙවිච් සමත් වූ අතර ඒ අනුව ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 21ක් දිනා ගැනීමට ඔහු සමත් වී තිබේ. රෆායල් නඩාල්ට පසු ක්‍රීඩකයකු විසින් ජයග්‍රහණය කර ඇති වැඩිම ග්ලෑන්ඩ් ශූරතා ගණන එය වන අතර රෆාල් නඩාල් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 22ක් දිනා ගැනීමට සමත්වී සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment